වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන ගෙදර යවයි

වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන වහා ම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගනු ලැබ ඇතැයි වාර්තා වේ.

භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙළෙඳ අමාත්‍යංශ ලේකම් ධූරයට අමතරව ආයතන ගණනාවක සභාපති ධූරය ද, තවත් ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද දරමින් සිට තිබේ.

මහපොළ නෙට්වෙල්ත් සමාගම, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යන ආයතනවල සභාපති ධූර ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මහපොළ අරමුදල් මණ්ඩලය යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද ලේකම්වරිය විසින් දරනු ලැබ ඇත.

හිටපු වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අවස්ථා ගණනාවකදී මෙම ලේකම්වරිය ඉවත් කර වෙනත් ලේකම්වරයෙකු පත් කර දෙන මෙන් ඉල්ලා ඇති බව වාර්තා වී තිබේ.

ඒ අනුව, එම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නීල් බණ්ඩාර හපුහින්න මහතා පත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.06
00:00
Video thumbnail
කාලගුණය උඩි යටිකුරු වෙයි..මෙන්න නොසිතූ වෙනසක්..වායුගෝලයේ කැලඹෙන ස්වාභාවයක්?
02:46
Video thumbnail
නාමල් කරන්නෙත් පවුල් දේශපාලනයක්ද ?..ජාතික දේශපාලනයේ වෙනස නාමල් පෙන්නනවා
07:11
Video thumbnail
එළොව ගිය රංග රාජපක්ෂ ගැන සංජීවගෙන් ප්‍රබල හෙළිදරව්වක්..ඇයි මේ වැඩේ හැංගුවේ.. CIDට යන්න තිබ්බනේ
04:13
Video thumbnail
10 වෙනි විධායක ජනපති ගැන සංජීව කට අරියි..දිලිත් නාමල්ට අභියෝගයක් වෙයිද ?
02:39
Video thumbnail
ආණ්ඩුව අපිට කරන චෝදනාවලින් බහුතරයක් දේශපාලන ප්‍රබන්ධ..සංජීව හොඳම එකෙන් කියයි
03:43
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33