ජීවනෝපායක් සොයා මෙරටින් යන කිසිදු අයෙකු තනි වී ඇතැයි යන හැඟීම කිසිවිටෙකත් ඇතිකර යුතු නැහැ – ජනපති

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා එම දඬුවමෙන් මුදවා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් එක්කර තිබෙනවා.

එම සටහන මඟින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීම අනෝජන්ටත්, ඔහුගේ පවුලේ අයටත්, එමෙන්ම ඔහුගේ නඩුව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවූ සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් මහත් සහනයක් ගෙන දෙන බවයි.

ඉවසීමෙන් යුත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක වටිනාකම, මිත්‍රශීලී රටක නීතිමය ක්‍රියාවලීන්ට දක්වන ගෞරවය සහ විදේශයක සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙනුවෙන් පෙනී සිටි අයගේ නොපසුබට උත්සාහය මෙයින් මනාව පිළිබිඹු වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සෞදි අරාබි රජයට සිය කෘතඥතාව පළ කරන බවත්, , මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ සෞදි අරාබි සහ ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ නීතිඥ කණ්ඩායම් වෙත ද මගේ ස්තූතිය පුද කරන බවත් ජනාධිපතිවරයා පවසනවා.

එමෙන්ම ඉතිරි නීතිමය ක්‍රියාවලීන් අවසන් වන තුරු අනෝජන්ට සහ ඔහුගේ පවුලේ අයට අවශ්‍ය සියලු සහාය ලබා දීමට රජය අඛණ්ඩව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එම සටහනේ සඳහන් කර තිබෙනවා.

ජීවනෝපායක් සොයා මෙරටින් පිටත්ව යන කිසිදු ශ්‍රී ලාංකිකයෙකු තමන් තනි වී ඇතැයි යන හැඟීම කිසිවිටෙකත් ඇති කර නොගත යුතු බවද ජනධිපතිවරයා එම සටහනේ සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22