සිරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය 10 වන දින, ගිහි – පැවදි දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනේ’ අවසන් දිනය අද (15) දිනයයි.
ඒ අනුව අද දිනයේ දී පා ගමනේ අවසානය සනිටුහන් කරමින් පා ගමන කොළඹට පැමිණීමට නියමිතයි.
ඓතිහාසික දළදා මාළිගා පරිශ්රයෙන් ආරම්භ වූ පාගමන කඩුගන්නාව, කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව සහ කඩවත හරහා කොළඹට පැමිණෙනවා.
ඊයේ (14) දිනයට මෙම පා ගමන කඩවත නගරයෙන් අවසන් වුණා.
