දිවයිනේ බොහෝ ප්රදේශවල අද (15) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව, මධ්යම සහ උතුරු මැද පළාත්වල සහ ත්රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.
බස්නාහිර පළාතේ, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද කලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි කලාගුන විද්යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
