වෙලේ සුදා, ඔහුගේ බිරිඳ හා නැගණියට එරෙහිව ලබාදීමට නියමිත ව තිබූ තීන්දුව කල් යයි

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 17කට අධික මූල්‍ය ප්‍රමාණයක හිමිකාරීත්වය දැරීමේ චෝදනාව මත ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ හා බිරිඳගේ ඥාති සහෝදරියකට එරෙහිව නීතිපතිවරයා විසින් පනවනු ලැබූ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ දිනය කල් තැබුණා.

අද (20) පෙරවරුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී අදාළ තීන්දුව ජනවාරි මස 15 වැනි දින ලබාදීමට නියමිත බවයි කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ප්‍රකාශ කළේ.

එම තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබුණ ද තීන්දුව සූදානම් නොමැති බවටයි අධිකරණය දැනුම්දුන්නේ.

එබැවින් ජනවාරි මස 15 වැනි දින සමන්ත කුමාර නමැත්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කෙරුණා.

විත්තිකාර සමන්ත කුමාර, ඔහුගේ බිරිඳ ගයනී ප්‍රියදර්ශනී හෙවත් සුජී හා ඇයගේ සොහොයුරිය හෙවත් නදී නමැත්තියට මෙලෙස චෝදනා එල්ල වී තිබුණා.

2010 ජනවාරි 01 වැනි දින හා 2012 පෙබරවාරි 25 කාලය අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් සුඛෝපභෝගී වාහන, වටිනා භාණ්ඩ, නිවාස ආදිය අධිකරණ නියෝග මත රජයේ භාරයට ගෙන තිබෙනවා.

එම පැමිණිල්ලේ සාක්ෂි විමසා අවසන් වීමෙන් පසුව අද දිනයේ දී තීන්දුව ප්‍රකාශයට පත් කර තිබූ අතර; එය මෙලෙස කල් ගියා.

වෙලේ සුදා නමැත්තා හට මහාධිකරණය මගින් මරණ දණ්ඩනීය නියම කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාරය භාරයේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10