වෙල්යායක දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

සපුගස්කන්ද, ගලහිටියාව ප්‍රදේශයේ වෙල්යායක වර්ෂාවෙන් එකතු වූ ජලයේ දියනාමින් සිටිය දී පුද්ගලයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිරිසක් එක්ව ඊයේ (16) දියනෑමට ගොස් සිටි අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක් මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ පුද්ගලයා දියේ ගිලීමෙන් පසු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාවේදීත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කජුහේන පාර, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය කිරිබත්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?