වෙල්යායක දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

සපුගස්කන්ද, ගලහිටියාව ප්‍රදේශයේ වෙල්යායක වර්ෂාවෙන් එකතු වූ ජලයේ දියනාමින් සිටිය දී පුද්ගලයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිරිසක් එක්ව ඊයේ (16) දියනෑමට ගොස් සිටි අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක් මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ පුද්ගලයා දියේ ගිලීමෙන් පසු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාවේදීත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කජුහේන පාර, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය කිරිබත්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00