වෙන්නප්පුව විෂ කසිප්පු සිද්ධියේ කසිප්පු හැදූ ප්‍රධාන සැකකරුගෙන් විශේෂ අනාවරණයක්

පුද්ගලයින් හතකට මරු කැදවූ විෂ මත් පැන් නිෂ්පාදනය කළ පුද්ගලයාට සහ එම මත්පැන් අලෙවි කළ බව කියන කාන්තාවන් දෙදෙනාට එරෙහිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා පවසනවා.

විෂ මත්පැන් පානය කළ බව කියන පුද්ගලයින් හයදෙනෙකු පසුගිය 06 වනදා ජීවිතක්ෂයට පත් වුණා.

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඇඹරුම් කර්මාන්තශාලාවක නේවාසිකකාමරයක් තුළ තිබී මළ සිරුර දෙකක් හමු වූ අතර,ඒ ආයන්නයේම ඇති නිවසක තිබී තවත් මළ සිරුරක් පසුව සොයා ගැනුණා.

මේ අතර රෝගී තත්ත්වයෙන් මාරවිල මූලික රෝහලට ඇතුළත් කර සිටි තිදෙනෙකු ද 06 වනදා අලුයම් කාලයේ ගොස් ඇති අතර, එලෙස මිය ගොස් ඇති අය අතර යාචකයෙකු ද වනවා.

එමෙන්ම එම රෝහලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් පසුගිය 07 වනදා පෙරවරුවේ මිය ගොස් ඇති අතර, මොවුන් සිව්දෙනා ද විෂ සහිත මත්පැන් පානය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වූ මාරවිල මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා මිය ගොස් ඇති අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙස නියෝග කරනු ලැබුවා.

එම නියෝගය අනුව හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.විජේවර්ධන මහතා විසින් මිය ගොස් ඇති අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළා.

මෙම පුද්ගලයින් මිය ගොස් ඇත්තේ මීතේල් ඇල්කොහොල් විෂ වීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිගමනය වුණා.

එමෙන්ම මිය ගොස් ඇති පුද්ගලයින්ගේ සිරුරවල කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තීරණය කෙරුණා.

මේ අතර අදාළ විෂ මත්පැන් පානය කළ බව කියන තවත් පුද්ගලයින් අටදෙනෙකු මීගමුව මහ රෝහලේ සහ පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අදාළ විෂ මත් පැන් අලෙවි කළ බව කියන කාන්තාව සහ එම මත්පැන් ඇයට ගෙනවිත් දුන් බව කියන කාන්තාවක් වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් දෙදෙනා වෙන්නප්පුව, වයික්කාල, තඹරවිල පදිංචි ප්‍රදේශයේ
පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාවන් දෙදෙනා පසුගිය 07 වනදා මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

මෙම විෂ සහිත කසිප්පු නිෂ්පානදය කළ බව කියන ලුණුවිල, බණ්ඩිරිප්පුව,ගාලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් 07 වනදා සවස වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුව මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට පොලීසියට අවසර ලැබී තිබුණා.

තමන් විසින් පවත්වා ගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරය පසුගිය වැසි සමයේ ජලයට ගසාගෙන ගිය බවත්, පසුව නැවත කසිප්පු නිෂ්පාදනය කිරීම සඳහා ටිනර් ගබඩා කර තිබූ බැරල් යොදාගත් බව ද ප්‍රධාන සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

එම සැකකරුව ඉකුත් 09 වනදා නැවතත් මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

මිය ගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලැබී ඇති වාර්තා සහ සැකකරුගේ සහ සැකකාරියන්ගේ ද, කසිප්පු පානය කිරීම හේතුවෙන් මේ වනවිටත් රෝහල් ගත වී සිටින පුද්ගලයින්ගේ ද ප්‍රකාශයන් අනුව ප්‍රධාන සැකකරුට සහ සැකකාරියන් දෙදෙනාට එරෙහිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27