වෙන්නප්පුව, වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියක් අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී එක පුද්ගලයෙක් මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව, වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, ඔහු රෝහල් ගතකර ඇති බව පොලිසිය සඳහන් කළා.
මෙම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට එරෙහිව මහාධිකරණයේ පැවති නඩුව සම්බන්ධ අධිකරණ තීන්දුව ලබන සැප්තැම්බර් මස 09 වැනි දින ලැබීමට නියමිතව තිබූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.





