වෙන්නප්පුවෙන් මතු වූ චැසි අංක මැකූ ඩිෆෙන්ඩරය – රථයේ අයිතිය පුත්තලමේ මියගිය දේශපාලකයෙකුට ?

චැසි සහ එන්ජින් අංක මකා දමන ලද ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් තම භාරයට ගෙන ඇති වෙන්නප්පුව පොලිසිය පවසනවා.

එම ඩිෆෙන්ඩර් රථය සමග සැකකරුවන් දෙදෙනකු ද මේ වනවිට (06) පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පවසන පරිදි මෙම වැටලීම ඊයේ (05) වෙන්නප්පුව – මිරිස්සන්කොටුව ප්‍රදේශයේ දී සිදු කර තිබෙනවා.

ගිනිඅවි කිහිපයක් නිවසක් තුළ තිබෙන බවට වන තොරතුරක් වෙන්නප්පුව පොලීසියට ලැබී ඇති අතර එය විමර්ශනයට ගිය පොලිස් නිලධාරින්ට නිවසෙහි නවතා තිබූ චැසි අංක රහිත ඩිෆෙන්ඩර් රථය සොයාගැනීමට හැකි ව තිබෙනවා.

නිවසේ හිමිකරු සහ තවත් අයෙකුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකු පුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු (මියගිය) දේශපාලකයෙකුගේ සමීපයෙකු බවත්, ඔහුගේ දේශපාලන කටයුතු සඳහා විශාල ලෙස මුදල් වියදම් කර ඇති අයෙකු බවත් හෙළි ව තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති ඩිෆෙන්ඩර් රථය එම දේශපාලකයා පරිහරණය කර තිබේ ද යන්න සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වී ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
2
+1
79
+1
7
+1
5
+1
7
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?