වෙන්නප්පුවෙන් මතු වූ චැසි අංක මැකූ ඩිෆෙන්ඩරය – රථයේ අයිතිය පුත්තලමේ මියගිය දේශපාලකයෙකුට ?

චැසි සහ එන්ජින් අංක මකා දමන ලද ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් තම භාරයට ගෙන ඇති වෙන්නප්පුව පොලිසිය පවසනවා.

එම ඩිෆෙන්ඩර් රථය සමග සැකකරුවන් දෙදෙනකු ද මේ වනවිට (06) පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පවසන පරිදි මෙම වැටලීම ඊයේ (05) වෙන්නප්පුව – මිරිස්සන්කොටුව ප්‍රදේශයේ දී සිදු කර තිබෙනවා.

ගිනිඅවි කිහිපයක් නිවසක් තුළ තිබෙන බවට වන තොරතුරක් වෙන්නප්පුව පොලීසියට ලැබී ඇති අතර එය විමර්ශනයට ගිය පොලිස් නිලධාරින්ට නිවසෙහි නවතා තිබූ චැසි අංක රහිත ඩිෆෙන්ඩර් රථය සොයාගැනීමට හැකි ව තිබෙනවා.

නිවසේ හිමිකරු සහ තවත් අයෙකුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකු පුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු (මියගිය) දේශපාලකයෙකුගේ සමීපයෙකු බවත්, ඔහුගේ දේශපාලන කටයුතු සඳහා විශාල ලෙස මුදල් වියදම් කර ඇති අයෙකු බවත් හෙළි ව තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති ඩිෆෙන්ඩර් රථය එම දේශපාලකයා පරිහරණය කර තිබේ ද යන්න සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වී ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
2
+1
79
+1
7
+1
5
+1
7
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10