වී නිෂ්පාදනය නැංවීමට රුපියල් මිලියන 2500ක්

වී නිෂ්පාදනය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් 2024 අයවැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙනවා.

එහිදී මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කිරි ගොවි නිෂ්පාදනය ලාබ ලබන තත්ත්වයට ගෙන එම සඳහා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ද යෝජනා වුණා.

දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන 20ක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අක්කර ලක්ෂ තුනක් වෙන් කරන බව ද සඳහන්.

සංචාරකයන්ට දේශීය හා ආයුර්වේද සත්කාර ලබාදීමට හෝටල්වල දේශීය ආයුර්වේද සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට රුපියල් මිලියන 100ක මුදලක් ද, ඖෂධ ප්‍රසම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැකසීම සඳහා වෙන ම ආයතනයක් පිහිටුවීමටත් යෝජනා වී තිබෙනවා.

බදුල්ලට හෘද සහ පෙනහළු පුනර්ජීවන ඒකකයක් ලබාදීමට යෝජනවක් ඉදිරිපත් වූ අතර; ඒ සඳහා වෙන්කරන මුදල රුපියල් මිලියන 300ක්.

වෛද්‍ය පර්යේෂණ සෙසු රටවල මට්ටමට ගෙන ඒම සඳහා කටයුතු කරන අතර, එහි මුල් අදියර සඳහා රුපියල් මිලියන 75ක් වෙන් කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21