වී නිෂ්පාදනය නැංවීමට රුපියල් මිලියන 2500ක්

වී නිෂ්පාදනය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් 2024 අයවැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙනවා.

එහිදී මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කිරි ගොවි නිෂ්පාදනය ලාබ ලබන තත්ත්වයට ගෙන එම සඳහා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ද යෝජනා වුණා.

දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන 20ක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අක්කර ලක්ෂ තුනක් වෙන් කරන බව ද සඳහන්.

සංචාරකයන්ට දේශීය හා ආයුර්වේද සත්කාර ලබාදීමට හෝටල්වල දේශීය ආයුර්වේද සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට රුපියල් මිලියන 100ක මුදලක් ද, ඖෂධ ප්‍රසම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැකසීම සඳහා වෙන ම ආයතනයක් පිහිටුවීමටත් යෝජනා වී තිබෙනවා.

බදුල්ලට හෘද සහ පෙනහළු පුනර්ජීවන ඒකකයක් ලබාදීමට යෝජනවක් ඉදිරිපත් වූ අතර; ඒ සඳහා වෙන්කරන මුදල රුපියල් මිලියන 300ක්.

වෛද්‍ය පර්යේෂණ සෙසු රටවල මට්ටමට ගෙන ඒම සඳහා කටයුතු කරන අතර, එහි මුල් අදියර සඳහා රුපියල් මිලියන 75ක් වෙන් කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?