විරෝධතාවක් අතර ආරක්ෂක නිලධාරියෙකු ඝාතනයට වරදකරුවන් වූ දෙදෙනෙකුට දරුණු දඬුවමක්

විරෝධතා අතරතුර හමුදා සාමාජිකයෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ ඉරාන ජාතිකයන් දෙදෙනෙකු එල්ලා මරා දමා තිබෙනවා.

Mohammad Mahdi Karami සහ Seyed Mohammad Hosseini නම් දෙදෙනා රටපුරා පැවති විරෝධතවලදී පැරාමිලිටරි නිලධාරියෙකුගේ මරණයට සම්බන්ධ බවටයි වැරදිකරුවන් වී ඇත්තේ.

කෙසේවෙතත් මානව හිමිකම් සංවිධාන මෙය ව්‍යාජ නඩු විභාගයක් ලෙස පෙන්වා දෙමින් හෙළා දැක තිබෙනවා.

මෙලෙස මරණ දඬුවම නියම වූ එක් පුද්ගලයෙකු එල්ලා දැමීමට පෙර හමුවීමට අවසර නොදුන් බවට පවුලේ සාමාජිකයන් පවසනවා.

පැරාමිලිටරි නිලධාරියෙකු වූ රුහොල්ලා අජාමියන් මෑතදී ඝාතනයට ලක්වූ විරෝධතාකරුවෙකුට සිදු කෙරෙන ගෞරවයක් ලෙසට පිරිසක් විසින් මරා දැමූ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

අවිධිමත් ලෙස හිජාබ් හෝ හිස්වැසුම් පැළඳ සිටි බවට චෝදනා කරමින් ඉරාන පොලිසිය විසින් රඳවාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවේ දී මිය යාමෙන් පසුව විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තා.

විදේශයන්හි මානව හිමිකම් ක්‍රියාකාරීන්ට අනුව, මේ වන විට අවම වශයෙන් විරෝධතාකරුවන් 516 දෙනෙකු මිය ගොස් ඇති අතර, ළමුන් 70ක් ඇතුළුව, තවත් 19,262ක් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්. ආරක්ෂක භටයින් 68 දෙනෙකු මිය ගොස් ඇති බව ද වාර්තා වී තිබෙනවා.

විරෝධතාවලින් පසුව රඳවාගෙන සිටින බොහෝ දෙනා බලහත්කාරයෙන් අතුරුදන් කිරීම, රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම් සහ වෙනත් දරුණු හිංසනවලට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම පුද්ගලයින්ට 2022 දෙසැම්බර් මාසයේදී මරණ දණ්ඩනය නියම වූ නමුත් තමන්ට වධ හිංසා පමුණුවා ව්‍යාජ පාපොච්චාරණයන් ලබාගත් බව පවසමින් ඔවුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.

කෙසේවෙතත් පසුව ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනවාරි 3 වැනිදා එම දඬුවම තහවුරු කරනු ලැබුවා.

මෙම පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් ඔවුන්ගේ ජීවිත බේරා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද ඒවා සාර්ථක වී නැහැ.

එක් චුදිතයෙකුගේ නීතීඥවරයා පැවසුවේ නීතිමය කටයුතු සඳහා තමාගේම නීතිඥයෙකු තෝරා ගැනීමේ අයිතිය ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඔහු උපවාසයක නිරත වූ බවයි. ඒ වෙනුවට ඔහු රජය විසින් පත් කරන ලද නීතිඥයින් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබූ බවයි එම නීතීඥවරයා සඳහන් කළේ.

මේ අතර එක් සැකකරුවෙකුගේ දෙමාපියන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ මාධ්‍යවේදියෙකු ද පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දී ඇත්තේ මෙම නඩු විභාගය ඉක්මනින් සිදු කරන ලද අසාධාරණ කණ්ඩායම් නඩු විභාගයක් ලෙසටයි. ඉරාන බලධාරීන් තවත් පුද්ගලයන් 26 දෙනෙකුට මරණ දණ්ඩනය අපේක්ෂා කරන බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම නඩුවේ තවත් තුන් දෙනෙකුට මරණ දණ්ඩනය නියම වී ඇති අතර තවත් 11 දෙනෙකුට සිර දඬුවම් නියම වී තිබෙනවා.

මෙම පුද්ගලයන් දෙදෙනා එල්ලා මැරීම හේතුවෙන් දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ඉරානයේ මරණ දණ්ඩනයට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

දෙසැම්බර් මාසයේදී, 23 හැවිරිදි Majidreza Rahnavard දොඹකරයක එල්ලා ප්‍රසිද්ධියේ මරා දමනු ලැබුවේ පිහියකින් ඇණ ආරක්ෂක හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් හතර දෙනෙකුට තුවාල සිදුකිරීමේ චෝදනාවටයි.

තවත් 23 හැවිරිදි අයෙකු, වීදියක් අවහිර කිරීම සහ ඉරානයේ බසිජ් බලකායේ සාමාජිකයෙකු පිහියකින් තුවාල කිරීම හේතුවෙන් ඝාතනය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21