වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී 37ක් ජීවිතක්ෂයට (ඡායාරූප)

වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්කෙහි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක්වූ බෝට්ටුවේ සිටි බොහෝ මගීන් හැනෝයි අගනුවර සිට පැමිණි වියට්නාම පවුල් බවයි වාර්තා වුණේ.

ගලවා ගැනීමේ කණ්ඩායම් සිදුකරන අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු වලට තද වැසි බාධාවක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එරට වේලාවෙන් අද (20) පස්වරු 2.00ට පමණ යාත්‍රාව අනතුරට ලක් වූ අවස්ථාවේ දී පුද්ගලයින් 53 දෙනෙකු එහි සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

GwOqU3UaQAAsIu0
GwOqUnVbIAAn2Aq
GwOqUY bUAA9IX
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?