විපක්ෂ නායකවරයාගෙන් පාප් වහන්සේ ගැන සංවේදී සටහනක්

88 හැවිරිදි වියෙහි පසු වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන් වන ශෝකී පණිවිඩයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමට එක් ව කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙවැන්නක්;

”ක්‍රිස්තුස් වහන්සේ සිය අනුගාමිකයින්ට පෙන්වූයේ නපුර පිටු දකින්නටත් සියලු යහපත සඳහා ක්‍රියා කරන්නටත්ය. අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේ කිතු සමිඳුන් පෙන්වා දුන් මඟ මැනවින් හඳුනා ගනිමින් කතෝලික සභාවට ලබාදුන් නායකත්වය කතෝලික ප්‍රජාවට පමණක් නොව ලෝකවාසී සියලු ජනතාවට පරමාදර්ශයක් විය. උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම යහපත් ලොවක පැවැත්ම අපේක්ෂා කරනුන්ට බලවත් පාඩුවකි. උන්වහන්සේගේ සරල ජීවිතය පෙන්නූ මග මැනවින් හඳුනාගැනීම උන්වහන්සේට කළ හැකි සැබෑ ගෞරවයයි. ස්වර්ගස්ථ වූ අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේට මොක්සුව ප්‍රාර්ථනා කරමු” යනුවෙන් එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?