විධායක නිලධාරිනිය සිව් හැවිරිදි පුත්‍රයා ඝාතනය කරලා

විධායක නිලධාරිනියක් තම සිව් හැවිරිදි පුත්‍රයා ඝාතනය කළ බව කියන පුවතක් මේ වනවිට ඉන්දියාවේ ප්‍රධාන පුවතක් බවට පත්ව තිබෙනවා.

39 හැවිරිදි වියේ පසුවන සුචනා සෙත් නැමැති මෙම විධායක නිලධාරිනිය පසුගිය දා ගෝවා හි මහල් නිවාස සංකීර්ණයක නිවසක් තුළ දී තම පුත්‍රයා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

‘The Mindful AI Lab’ නැමැති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කර ඇති මෙම කාන්තාව පසුගිය 06 වනදා අදාළ මහල් නිවාස සංකීර්ණයේ නිවසට පුත්‍රයා සමඟ පැමිණ ඇති බවයි අනාවරණය වී තිබෙනවා.

පසුව ඇය පසුගිය සදුදා (08) විශාල මල්ලක් ද රැගෙන කුලී රථයකින් අදාළ නිවසින් පිටත්ව ගොස් ඇති අතර, ඇය රැගෙන ගිය ගමන් මල්ල තුළ ඝාතනය කළ සිව් හැවිරිදි පුත්‍රයාගේ මළ සිරුර දමාගෙන ගොස් ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අදාළ මහල් නිවාස කාර්ය මණ්ඩලය කාන්තාව රැඳී සිටි නිවස පිරිසිදු කිරීමට ගිය විට තුවායක ලේ පැල්ලම් දක්නට ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වහාම පොලිසියට දන්වා ඇති බව සඳහන්.

එමෙන්ම අදාළ කාන්තාව අසාමාන්‍ය බරකින් යුත් බෑගයක් රැගෙන ගිය බවත්, ඇය සමඟ පැමිණි ඇගේ පුතා නොසිටි බවත් ඔවුන් පොලීසියට පවසා තිබෙනවා.

අනතුරුව පොලිසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගැනීමට කටයුතුකර ඇති අතර, ගමන් මල්ලේ දමා රැගෙන ගිය දරුවාගේ මළ සිරුර ද සොයාගත් බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු මනෝවිද්‍යාත්මක පරීක්ෂණයකට ද යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඇයගෙන් පොලිසිය රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර, සැකකාරිය සිය පුතාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුතැවිල්ලක් නොපෙන්වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
3
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44