AFC Banner
AFC Banner
Empty Ad

විදේශ රැකියා සිහිනය බොඳ වූ තරුණයා ජීවිතය එපා කියයි

විදේශ රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තු සුන්වීම හේතුවෙන් තරුණයෙකු සියදිවි නසා ගැනීමේ සිදුවීමක් අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වනවා.

29 හැවිරිදි මෙම තරුණයා තම පවුලට ආධාර උපකාර කිරීම වෙනුවෙන් මෙලෙස රැකියාවක් බලාපොරොත්තුවෙන් සිට ඇති අතර එය සුන්වීම හේතුවෙන් මෙලෙස දිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු අකුරැස්සේ පිහිටි තම නිවසේ දී ලිපියක් ලියා තබා සියදිවි නසා ගැනීමට තැත් කර ඇත්තේ දෙමාපියන්ට උදව් කිරීමට නොහැකිවීම ගැන කනගාටුවෙන්.

සිරුර සොයා ගැනීමත් සමඟ ඥාතීන් විසින් ඔහු අකුරැස්ස රෝහලට රැගෙන ගිය ද එහිදී ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

කොරියානු භාෂා විභාගයෙන් ලකුණු 5ක් අඩුවී සාමාර්ථයක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම තරුණයා සිත් තැවුලට පත්ව ඇතැයි හෙළිවී තිබෙනවා.

මියගිය තරුණයාගේ මව ප්‍රකාශ කර ඇත්තේ දරුවන් තිදෙනෙකුගෙන් වැඩිමලා වන මෙම තරුණයා පවුලට උදව් කිරීමට නොහැකි වීම ගැන ශෝකයෙන් කාලය ගත කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?