විදේශ රැකියා සඳහා යන කාන්තාවන්ට දැනුම්දීමක්

වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශගත වීමට අවසර ලබා නොදෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නැවත අවධාරණය කරනවා.

වයස අවුරුදු 45ට අඩු කාන්තාවන්, විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී තම දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්යය බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

ඒ අනුව වයස අවුරුදු 2ට වැඩි දරුවන්ගේ භාරකාරීත්වය, අධ්‍යාපනය හා රැකවරණය වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු අදාළ වාර්තාව මගින් ඉදිරිපත් කළ යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙනවා.

කාර්යාංශය කාන්තාවන්ට දැනුම් දෙන්නේ, දරුවන්ගේ රැකවරණය පිළිබඳව මූලිකවම අවධානය යොමුකරමින් නීත්‍යානුකූල අයුරින් විදේශ ගතවන ලෙසටයි.

විදෙස් ගතව සිටින කාන්තාවකගේ වයස අවුරුදු එක හමාරක දැරියකට හිංසා කර, එහි ඡායාරූප ඩුබායිහි සේවය කරන එම කාන්තාවට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කාර්යාංශය මේ බව ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත සැකකාර පියා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, කුඩා දියණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත යොමුකර ඇති බවයි.

දරුවා මිත්තනියගේ භාරයට පත් කර ඇති අතර දැරියට හිංසා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ බකමූණ, ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?