විදේශ රැකියා සඳහා යන කාන්තාවන්ට දැනුම්දීමක්

වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශගත වීමට අවසර ලබා නොදෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නැවත අවධාරණය කරනවා.

වයස අවුරුදු 45ට අඩු කාන්තාවන්, විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී තම දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්යය බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

ඒ අනුව වයස අවුරුදු 2ට වැඩි දරුවන්ගේ භාරකාරීත්වය, අධ්‍යාපනය හා රැකවරණය වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු අදාළ වාර්තාව මගින් ඉදිරිපත් කළ යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙනවා.

කාර්යාංශය කාන්තාවන්ට දැනුම් දෙන්නේ, දරුවන්ගේ රැකවරණය පිළිබඳව මූලිකවම අවධානය යොමුකරමින් නීත්‍යානුකූල අයුරින් විදේශ ගතවන ලෙසටයි.

විදෙස් ගතව සිටින කාන්තාවකගේ වයස අවුරුදු එක හමාරක දැරියකට හිංසා කර, එහි ඡායාරූප ඩුබායිහි සේවය කරන එම කාන්තාවට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කාර්යාංශය මේ බව ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත සැකකාර පියා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, කුඩා දියණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත යොමුකර ඇති බවයි.

දරුවා මිත්තනියගේ භාරයට පත් කර ඇති අතර දැරියට හිංසා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ බකමූණ, ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47