විදේශ රැකියා ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි පියවර

විදේශ රැකියා සඳහා යොමු කරන බව පවසමින් මුදල් ජාවාරම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරනවා.

එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේදී කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවන බවයි එම කාර්යාංශය පෙන්වා දෙන්නේ.

රටේ පවතින නීතියට පටහැනිව කටයුතු කරන කිසිදු පුද්ගලයෙක් ආරක්ෂා කිරීමට ආමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ කිසිදු අයෙක් කටයුතු නොකරන අතර නීති විරෝධී කටයුතු කරන පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා කිසිදු අවස්ථාවකදී මැදිහත්වී නොමැති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙනවා.

අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් එක් රැස් කරන ජාවාරම්කරුවන් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව ද තරාතිරම නොබලා එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද කාර්යාංශය සඳහන් කළා.

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් කිසිදු අවස්ථාවක අමාත්‍යාංශයේ හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිපි ශීර්ෂයෙන් කිසිදු අයෙක්ට ලිපි නිකුත් නොකරන බව ද එම කාර්යාංශය පෙන්වා දෙනවා.

ඒ ආකාරයට ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිතා කරමින් ලිපි නිකුත් කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ වන විටත් පැමිණිලි ලැබී ඇති අතර ඔවුන්ට අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ විමර්ශන ක්‍රියාත්මකයි.

විදේශ රැකියා සදහා පුද්ගලයින් යොමු කළ හැක්කේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනවලට පමණක් වන අතර එවැනි බලපත්‍රයක් නොමැති කිසිදු අයෙක්ට විදේශ රැකියා සදහා පුද්ගලයින් පිටත් කර යැවීමට නීත්‍යානුකූල අවසරයක් හිමිවී නැහැ.

විදේශ රැකියා සදහා යොමු කරන බව පවසමින් මුදල් එකතු කරන අතරමැදියන්ට හසු නොවන ලෙසට ඉල්ලා සිටින බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කර පවතින නීතිරීති දැඩි කිරීමට එම කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

විදේශ රැකියා මුවාවෙන් සිදුකෙරෙන මිනිස් වෙළෙඳාම මැඩපැවැත්වීමට හා විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කීරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

පුද්ගල වෙ‍ෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ නීරීක්ෂණ ලබා ගැනීම සඳහා වූ විශේෂ රැස්වීමකදී මිනිස් වෙළෙඳාම හා සම්බන්ධ නීති රීති තවදුරටත් දැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව, මිනිස් වෙළෙඳාම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස රැකියා සඳහා විදේශගත වන පුද්ගලයින්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්ගත කරනු ලබන ක්‍රීයාවලියක් හරහා දත්ත පද්ධතියක් වෙත එම තොරතුරු ගොනු කිරීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.

ඊට අමතරව විදේශසේවා නියුක්ති කාර්යාංශ පනත සඳහා නව නීති රීති ඇතුළත් කර නව සංශෝධනයන් සිදුකිරීමට අදාළ යෝජනා රැසක් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කළ බවයි එම කාර්යංශය වැඩිදුරටත් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47