මෙරටට සංචාරයක නිරතව සිටි විදෙස් ජාතික කාන්තාවකට අසැබි ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තරුණයා ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, සැකකාර තරුණයා අද (17) දිනයේ පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය මස 25 වනදා අදාළ විදෙස් ජාතික කාන්තාව අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවේ සැකකරු අසැබි ක්‍රියාවක නිරතවෙමින් ඇයට ලිංගික හිංසනයක් සිදුකර තිබුණා.
ඒ පිළිබඳව අදාළ විදෙස් ජාතික කාන්තාව සංචාරක පොලිස් කොට්ඨාසයට විද්‍යුත් තැපෑල ඔස්සේ පැමිණිලි කර තිබූ අතර, එම සිදුවීමේ වීඩියෝවක් ද සමාජ මාධ්‍යට එක්කිරීමටයි කටයුතු කර තිබුණේ.
පසුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර පොලිසිය ඊයේ (16) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු කලවංචිකුඩි – එල්ලෙයිවීදිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.





