විදෙස් කත ඉදිරියේ අසෝබන වූ තරුණයා රිමාන්ඩ්

මෙරටට සංචාරයක නිරතව සිටි විදෙස් ජාතික කාන්තාවකට අසැබි ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තරුණයා ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර තරුණයා අද (17) දිනයේ පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය මස 25 වනදා අදාළ විදෙස් ජාතික කාන්තාව අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවේ සැකකරු අසැබි ක්‍රියාවක නිරතවෙමින් ඇයට ලිංගික හිංසනයක් සිදුකර තිබුණා.

ඒ පිළිබඳව අදාළ විදෙස් ජාතික කාන්තාව සංචාරක පොලිස් කොට්ඨාසයට විද්‍යුත් තැපෑල ඔස්සේ පැමිණිලි කර තිබූ අතර, එම සිදුවීමේ වීඩියෝවක් ද සමාජ මාධ්‍යට එක්කිරීමටයි කටයුතු කර තිබුණේ.

පසුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර පොලිසිය ඊයේ (16) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කලවංචිකුඩි – එල්ලෙයිවීදිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24