විදුලි සේවකයින් දවස් දෙකක් ලෙඩවෙති – දැවැන්ත උද්ඝෝෂණයක් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට (වීඩියෝ)

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති අකුරට වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා.

මේ අතරට විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තව දුරටත් ක්‍රියාත්මක කෙරෙනවා.

එමෙන්ම හෙට (17) සහ අනිද්දා (18) දෙදින තුළ සියලුම විදුලි සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය සඳහන් කරනවා.

එම දින දෙක තුළ විදුලි සේවකයින් කාණ්ඩ දෙකක් ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල ඉදිරිපිටට පැමිණ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන බවද එම සංගමය පැවසුවා.

අදාළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු අයුරකින් කාර්යාල වැසීමක් හෝ අනෙකුත් කිසිදු ක්‍රියාවලීන් සඳහා බාධාවක් සිදු සිදුනොකරන බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?