විදුලි සේවකයින් දවස් දෙකක් ලෙඩවෙති – දැවැන්ත උද්ඝෝෂණයක් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට (වීඩියෝ)

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති අකුරට වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා.

මේ අතරට විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තව දුරටත් ක්‍රියාත්මක කෙරෙනවා.

එමෙන්ම හෙට (17) සහ අනිද්දා (18) දෙදින තුළ සියලුම විදුලි සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය සඳහන් කරනවා.

එම දින දෙක තුළ විදුලි සේවකයින් කාණ්ඩ දෙකක් ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල ඉදිරිපිටට පැමිණ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන බවද එම සංගමය පැවසුවා.

අදාළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු අයුරකින් කාර්යාල වැසීමක් හෝ අනෙකුත් කිසිදු ක්‍රියාවලීන් සඳහා බාධාවක් සිදු සිදුනොකරන බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58