Empty Ad
AFC Banner
Empty Ad

විදුලි සැර වැදී මියගිය වන අලියෙක් වළ දැමූ 3ක් අත්අඩංගුවට

වැලිකන්ද දිඹුලාන ගම්මානයේදී අනවසරයෙන් ගෙවත්තක් වටා ඇද තිබූ විදුලි රැහැනක පැටලී මියගිය වන අලියෙකු රහසිගතව වළ දැමීමට සම්බන්ධ කාන්තාවක් සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වන අලියා අදාළ ගෙවත්ත පිටුපස පරණ වළකට ට්‍රැක්ටර්යකින් තල්ලුකර පස් සහ කොළ අතු දමා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලිමකදියි ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුවන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් විසිපන්දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව දිඹුලාන ප්‍රදේශයේම පදිංචි අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව වැලිකන්ද සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයට අනියුක්තව සේවය කරන දෙදෙනෙක් බව සඳහන්.

ඔවුන් අදාළ කාන්තාවගේ සැමියා සහ ඔහුගේ මිතුරෙකු බව හෙළිවී තිබෙනවා.

පසුගිය ඉකුත් 30 වනදා අළුයම මෙම අපරාධය සිදුකර ඇති අතර ඒ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එහි නියෝග අනුව වන අලියාගේ සිරුර ගොඩ ගෙන තිබුණා.

වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කළුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරීන් විසින් සිදුකරන පරීක්ෂණයෙන් පසු අනාවරණ වී ඇත්තේ එම වන අලියා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවටයි.

වන අලියා අසල වළකට දමා, පස් වලින් වැසූ ටැක්ටර් රථය සහ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන් ලබන ජනවාරි මස 30 වනදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
<p>?</p>