විදුලි සැර වැදී මියගිය වන අලියෙක් වළ දැමූ 3ක් අත්අඩංගුවට

වැලිකන්ද දිඹුලාන ගම්මානයේදී අනවසරයෙන් ගෙවත්තක් වටා ඇද තිබූ විදුලි රැහැනක පැටලී මියගිය වන අලියෙකු රහසිගතව වළ දැමීමට සම්බන්ධ කාන්තාවක් සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වන අලියා අදාළ ගෙවත්ත පිටුපස පරණ වළකට ට්‍රැක්ටර්යකින් තල්ලුකර පස් සහ කොළ අතු දමා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලිමකදියි ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුවන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් විසිපන්දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව දිඹුලාන ප්‍රදේශයේම පදිංචි අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව වැලිකන්ද සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයට අනියුක්තව සේවය කරන දෙදෙනෙක් බව සඳහන්.

ඔවුන් අදාළ කාන්තාවගේ සැමියා සහ ඔහුගේ මිතුරෙකු බව හෙළිවී තිබෙනවා.

පසුගිය ඉකුත් 30 වනදා අළුයම මෙම අපරාධය සිදුකර ඇති අතර ඒ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එහි නියෝග අනුව වන අලියාගේ සිරුර ගොඩ ගෙන තිබුණා.

වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කළුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරීන් විසින් සිදුකරන පරීක්ෂණයෙන් පසු අනාවරණ වී ඇත්තේ එම වන අලියා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවටයි.

වන අලියා අසල වළකට දමා, පස් වලින් වැසූ ටැක්ටර් රථය සහ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන් ලබන ජනවාරි මස 30 වනදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21