විදුලි සැර වද්දවා මියගිය වන අලියකුගේ සිරුර හමුවෙයි

විදුලි සැර වද්දවා ඝාතනය කළ වන අලියකගේ මළසිරුරක් ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව තිරප්පනය කරුවලගස්වැව ගම්මානයේ තිබී සොයාගෙන තිබෙනවා.

කරුවලගස්වැව වැව් පිටිය අසල පිහිටි කුඹුරු යයක්යායක් අසල තිබියදී යි මෙම වන අලියාගේ මළ සිරුරහමුවී ඇත්තේ.

ඒ වනවිටත් වන අලියාගේ සිරුර නරක් වී දැඩි දුර්ගන්ධයක් හමා ගිය බව අප වාර්තාකරු සඳහන් කළා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වන ගැහැණු සතෙකු වන අතර විදුලි සැර වැදීමෙන් වන අලියාගේ හොඬය පිලිස්සී ඇති බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වන අලියා මීට දින දෙකකට හෝ තුනකට පමණ ඉහත දී මිය යන්නට ඇති බවට සැක කෙරෙන අතර එම ස්ථානයට වනජීවී නිලධාරීන් පැමිණෙන විට වන අලියාගේ සිරුර පොල් අතුවලින් වසා තිබී ඇතැයි සඳහන්.

එමෙන්ම මෙම වන අලියාට විදුලි සැර වැදුණු කම්බි ද එම ස්ථානයෙන් ඉවත් කර අදාළ සිදුවීම සඟවා තබා ගැනීමට ඉඩම් හිමියන් කටයුතු කර ඇති බවටයි සැක කෙරෙන්නේ.

ප්‍රදේශවාසීන් කළ දැනුම්දීම මත වන අලියාගේ සිරුර සොයා ගත් බවත් නොඑසේනම් මෙම මළ සිරුර වළ දැමීමට හෝ ගිනි තබා විනාශ කිරීමට උත්සාහ කරන්නට ඇති බවට වනජීවී නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනය පොලිසිය සහ වනජීවී දෙපාර්තමේන්තු නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන අතර සිද්ධියට සම්බන්ධයැයි සැක කෙරෙන පුද්ගලකු සහ විදුලි රැහැනක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16