spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි සැර වද්දවා මියගිය වන අලියකුගේ සිරුර හමුවෙයි

විදුලි සැර වද්දවා ඝාතනය කළ වන අලියකගේ මළසිරුරක් ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව තිරප්පනය කරුවලගස්වැව ගම්මානයේ තිබී සොයාගෙන තිබෙනවා.

කරුවලගස්වැව වැව් පිටිය අසල පිහිටි කුඹුරු යයක්යායක් අසල තිබියදී යි මෙම වන අලියාගේ මළ සිරුරහමුවී ඇත්තේ.

ඒ වනවිටත් වන අලියාගේ සිරුර නරක් වී දැඩි දුර්ගන්ධයක් හමා ගිය බව අප වාර්තාකරු සඳහන් කළා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වන ගැහැණු සතෙකු වන අතර විදුලි සැර වැදීමෙන් වන අලියාගේ හොඬය පිලිස්සී ඇති බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වන අලියා මීට දින දෙකකට හෝ තුනකට පමණ ඉහත දී මිය යන්නට ඇති බවට සැක කෙරෙන අතර එම ස්ථානයට වනජීවී නිලධාරීන් පැමිණෙන විට වන අලියාගේ සිරුර පොල් අතුවලින් වසා තිබී ඇතැයි සඳහන්.

එමෙන්ම මෙම වන අලියාට විදුලි සැර වැදුණු කම්බි ද එම ස්ථානයෙන් ඉවත් කර අදාළ සිදුවීම සඟවා තබා ගැනීමට ඉඩම් හිමියන් කටයුතු කර ඇති බවටයි සැක කෙරෙන්නේ.

ප්‍රදේශවාසීන් කළ දැනුම්දීම මත වන අලියාගේ සිරුර සොයා ගත් බවත් නොඑසේනම් මෙම මළ සිරුර වළ දැමීමට හෝ ගිනි තබා විනාශ කිරීමට උත්සාහ කරන්නට ඇති බවට වනජීවී නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනය පොලිසිය සහ වනජීවී දෙපාර්තමේන්තු නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන අතර සිද්ධියට සම්බන්ධයැයි සැක කෙරෙන පුද්ගලකු සහ විදුලි රැහැනක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?