විදුලි බිල අඩු කළ හැකි කාලය ගැන දැනුම්දීමක්

ලබන නොවැම්බර් හෝ දෙසැම්බර් මාසය වන විට විදුලි බිල අඩු කිරීමට හැකිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.

ඊයේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ හිටපු ජනාධිපතිවරයා ගත් ඇතැම් තීන්දු හේතුවෙන් මෙම ආර්ථික අර්බුදය නිර්මාණය වී ඇති බවයි.

මෙම අර්බුදයෙන් මිදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගත යුතු අතර ඒ වෙනුවෙන් මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව කටයුතු කිරීමට සිදුවන බවයි ඔහු කියාසිටියේ.

එහෙත් තවත් මාස කිහිපයක් ගත වන විට ජනතාවට සහන ලැබෙනු ඇතැයි ද රුවන් විජේවර්ධන මහතා පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලැබීමත් සමග ජපානය ඉන්දියාව ඇමරිකාව චීනය මෙන්ම යුරෝපා රටවල් ද ශ්‍රී ලංකාවට ආධාර කිරීමට ඉදිරිපත් වන බව රුවන් විජේවර්ධන මහතා සඳහන් කළා.

දෙසැම්බර් මාසය පමණ වන විට විදුලි ගාස්තු අඩු කර දීමට හැකිවන බව වගකීමෙන් ප්‍රකාශ කරන බවයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා අවධාරණය කළේ.

එමෙන්ම සැප්තැම්බර් ඔක්තෝම්බර් මාස වන විට ජනතාවට සහන ලබාදීමට සැලසුම් කර ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.

රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්නා අවස්ථාවේ ඉන්ධන, ගෑස් ලබා ගැනීමට ජනතාවට පෝලිම්වල සිටීමට සිදුවූ අතර රට තුළ තිබූ අරගලය ද පාලනය කිරීමට ඔහුට හැකි වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03