Empty Ad
AFC Banner
Empty Ad

විදුලි පහනක් දැල්වීමේ වරදට පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක්

අනවසරයෙන් මැණික් ගැරූ ස්ථානයකට විදුලි පහනක් දැල්වූ පුද්ගලයෙකුට පිහි පහරක් එල්ල වීමෙන්, ඔහු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අමානුෂික පහරදීම පිළිබඳ ව මේ වනවිට (17) ආරක්ෂිත කැමරා දර්ශන ලැබී ඇති බවත් ඒ පිළිබඳ ව පොලිස් විමර්ශන අරඹා ඇති බවයි.

බගවන්තලාව නගර මධ්‍යයේ දී මෙම ප්‍රහාරයට ලක් ව ඇති අතර අදාළ පහරකෑමට ලක් වූ තැනැත්තා විසින් කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරන ස්ථානයකට විදුලි පහනක් එල්ල කර තිබෙනවා.

ඊට ජාවාරම්කරුවන් උරණ වීමෙන් මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

සැකකරුට එරෙහිව බගවන්තලාව පොලිසියට මීට පෙර ද විවිධ පුද්ගලයින්ට සිදු කළ පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වන නඩු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව ද වාර්තා වනවා.

පහරකෑමට ලක් වූ පුද්ගලයා මේ වනවිට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?