විදුලි පහනක් දැල්වීමේ වරදට පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක්

අනවසරයෙන් මැණික් ගැරූ ස්ථානයකට විදුලි පහනක් දැල්වූ පුද්ගලයෙකුට පිහි පහරක් එල්ල වීමෙන්, ඔහු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අමානුෂික පහරදීම පිළිබඳ ව මේ වනවිට (17) ආරක්ෂිත කැමරා දර්ශන ලැබී ඇති බවත් ඒ පිළිබඳ ව පොලිස් විමර්ශන අරඹා ඇති බවයි.

බගවන්තලාව නගර මධ්‍යයේ දී මෙම ප්‍රහාරයට ලක් ව ඇති අතර අදාළ පහරකෑමට ලක් වූ තැනැත්තා විසින් කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරන ස්ථානයකට විදුලි පහනක ආලෝක ධාරාවක් එල්ල කර තිබෙනවා.

ඊට ජාවාරම්කරුවන් උරණ වීමෙන් මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

සැකකරුට එරෙහිව බගවන්තලාව පොලිසියට මීට පෙර ද විවිධ පුද්ගලයින්ට සිදු කළ පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වන නඩු; හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව ද වාර්තා වනවා.

පහරකෑමට ලක් වූ පුද්ගලයා මේ වනවිට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14