විදුලි ජනන යන්ත්‍රයක් පිපිරීමෙන් මවත් දියණියත් අවසන්ගමන් යයි

විදුලි කප්පාදුවත් සමඟ නිවසේ භාවිතයට ගත් විදුලි ජනන යන්ත්‍රයක් පිපිරීයාමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් සහ ඇයගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල කැප්පෙටිපොල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 9ක් වන ඇයගේ දියණියයි.

පසුගිය 29 වනදා ඔවුන්ගේ නිවසේ තිබූ විදුලි ජනන යන්ත්‍රයක් පිපිරීයාමෙන් මෙම කාන්තාව සහ ඇයගේ දියණිය සහ පුතු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත.

අනතුරුව දරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහළට ඇතුලත් කර තිබේ.

එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ ඇයගේ දියණිය ඊයේ (14) වනදා රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අද අලුයම එම කාන්තාවද ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් තුවාල ලබු පස් හැවිරිදි පිරිමි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?