විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ගැන මහජන අදහස් වාචික ව විමසීම් ඇරඹෙයි

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වනවා.

පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

එය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරනු ඇති.

නව වසරේ මුල් මාස 06ක කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යා යුතු බවට පසුගියදා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ප්‍රතියෝජනා ඉදිරිපත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර තිබුණේ සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාව පවතින බවයි.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබාගැනීම පසුගිය 17වනදා සිට සිදු කෙරුණු අතර අද දිනයේ සිට පළාත් නවය ආවරණය වන පරිදි ජනවාරි මස 10වනදා දක්වා වාචික අදහස් ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ජනතාවට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ 0772 – 943 193 දුරකථන අංකය අමතා ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

වාචික සහ ලිඛිත අදහස් ලබා ගැනීමෙන් අනතුරුව සිය අවසන් වාර්තාව ජනවාරි මස 17 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?