AFC Banner
AFC Banner
Empty Ad

විදුලි ගාස්තු සංශෝධනය ගැන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

ලංවිම සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පැවසුවේ අදාළ යෝජනාවලිය අද දිනයේ ලබාදීමට කටයුතු කරන බවයි.

පසුගිය ආණ්ඩුව සමයේ වාර්ෂිකව සිව් වතාවක් විදුලි ගාස්තු සංශෝධනය සිදු කළ යුතු බවට යෝජනා වී තිබුණු අතර 2023 වසරේදී තෙවරක් සහ මෙම වර්ෂයේ දී දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය සිදු කළා.

නව රජය වසරකට දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඉදිරිපත් වන යෝජනාවෙන් ලබන වසරේ පළමු මාස 06 සඳහා වන ගාස්තු සංශෝධනය සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?