විදුලි ගාස්තු සංශෝධනය කිරීමට රජය ගනු ලැබූ තීරණයත් සමඟ සියලුම ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක සහ මිල රුපියල් 30කින් මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර, කෙටි ආහාර රුපියල් 10 කින් මිල ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
එමෙන්ම බිත්තර රොටී සහ පරාටා මිල ද රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඊට අමතරව කිරි තේ සහ ප්ලේන්ටියක මිල ද රුපියල් 05 කින් ඉහළ දමන බවයි එම සංගමය පවන්නේ.
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල වැඩිවීම ක්‍රියාත්මක බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළා.
විදුලි ගාස්තු ඉහළ දැමීමට අමතරව හාල්, පොල්තෙල්, කුකුළු මස්, කුළුබඩු, මාගරින්, පොල් වැනි අමුද්‍රව්‍යවල මිල ගණන් ද සති දෙකක කාලයක් තුළ දී ඉහළ යාම මෙලෙස ආහාරපානවල මිල ගණන ඉහළ දැමීමට හේතුවක් වන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.













