විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව ජල ගාස්තුවත් අඩුවෙයි

ලබන මාසයේ සිදු කිරීමට නියමිත විදුලි බිලඅඩු කිරීමට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනතාවට හැකි උපරිම සහන ලබා දීමට රජය වශයෙන් පියවර ගන්නා බවයි.

“මින් ඉදිරියට ජල ගාස්තු සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙමගින් ජනතාව පීඩනයට පත් කිරීමට අපි කටයුතු කරන්නේ නෑ. ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් තමයි විදුලිය. ඉතින් විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අපි අඩු කරනවා. මේ වන විට ජනතාවට යම් ආර්ථික ගැටලු තිබුණත් ක්‍රම ක්‍රමයෙන් එම ගැටළු අඩුවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

මේ අතර වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් කම්කරු කොංග්‍රසයේ සහාය අනිවාර්යයෙන්ම ලබා දෙන බව ද අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අවධාරණය කර තිබෙනවා.

“අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් රටක් බවට පත්වූ අවස්ථාවේ වගකීම් භාර ගැනීමට බියෙන් සියලු දෙනා පසුපසට ගියත් එතුමා නිර්භයව අභියෝගය බාරගත්තා. දැන් එතුමා රට සංවර්ධන මාවතට රැගෙන යමින් පවතිනවා. අද ඉන්ධන, ගෑස් හෝ වෙනත් කිසිදු පෝලිමක් දකින්නට ලැබෙන්නේ නෑ. ජනතාවට යම් ආර්ථික ගැටලු තිබුණත් රට ඉදිරියට යනවා. තව කෙටි කලකින් මේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කරන්න වත්මන් ජනාධිපතිතුමාට හැකිවේ යැයි බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. වෙන කිසිදු පාලකයෙක් නොකළ ආකාරයෙන් වතුකරයේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවන්න එතුමා කටයුතු කර තිබෙනවා. වතුකරයේ ජනතාවගේ නිවාස, ඉඩම්, ඉඩම් ඔප්පු, සෞඛ්‍ය වගේම අධ්‍යාපන ගැටළු විසඳන්න එතුමා රුපියල් බිලියන 14ක මුදලක් වෙන් කර තිබෙනවා. මේ තත්ත්වය මත අපි වෙනත් අපේක්ෂකයකුට සහය දෙන්න අවශ්‍ය නෑ. අපේ සහය අපි වත්මන් ජනපති නිල් වික්‍රමසිංහ මහතාටම ලබා දෙනවා. එතුමා වැටුප් වැඩි කිරීම ඇතුළුව දමිළ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු දේ වල් කරයි කියන විශ්වාසය අපිට තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26