විදුලිසැර වැදී සැමියයි බිරිඳයි එකම තැන අවසන් ගමන් ගිහින්

වරකාපොල පොලිස් වසමේ හුනුවල ප්‍රදේශයේ කුඹුරු ඉඩමක දී විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (13) දහවල් මෙලෙස මියගොස් ඇත්තේ හුනුවල, තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක්.

මියගිය පිරිමි පුද්ගලයා අවුරුදු 60ක අයෙක් වන අතර, කාන්තාව 58 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක් බවයි පොලිසිය සඳහන් කළේ.

කුඹුරු ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

විදුලිසැර වැදුණු ඔවුන් දෙදෙනා වරකාපොල රෝහලට අතුළත් කරන විටත් මියගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

අනවසර විදුලි රැහැන් අදින ලද වයස අවරුදු 34ක වූ හුනුවල ප්‍රදේශයේම පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?