AFC Banner
AFC Banner
Empty Ad

විදුලිබිල ඉහළ දැමීම ගැන අවසන් තීරණය හෙට

විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට (09) දිනයේ රැස්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගැනීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ රැස් වූ කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය මෙම සතියේ රැස්වෙන කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී තීරණය කළ බවයි පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

මේ අතර, බලශක්ති අමාත්‍යවරයා විසින් ගෙන ආ එම යෝජනාවට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම ඇතුළු පාර්ශ්ව රැසක විරෝධය එල්ල වී තිබෙනවා.

මේ අතර ඊයේ (07) දිනයේදී ගල් අඟුරු රැගත් තවත් නෞකාවක් පුත්තලමට ළඟා වුණා.

එය මේ වසරේ දී දිවයිනට පැමිණි දෙවන ගල් අඟුරු නෞකාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?