AFC Banner
Empty Ad
Empty Ad

විදුලිබල මණ්ඩල සභාපති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට

රටෙන් අඩකට පෙරේදා (28 දා) හදිසියේම විදුලි බිඳ වැටීමේ සිද්ධිය කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් මත සිදුවූවාදැයි සෙවීමට වහා පොලිස් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් ලංවිම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

ඉකුත් (25 දා) දහවල් 12.00 සිට ලංවිම ඉංජිනේරු සංගමයට සම්බන්ධ විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කර තිබියදී පෙරේදා (28 දා) රාති‍්‍රයේ රටෙන් අඩකට පමණ විදුලි විසන්ධි වී යෑමෙන් මෙම සැකය මතුව තිබේ.

එදින රාති‍්‍රයේ මුලින්ම විදුලි බිඳ වැටීම ආරම්භ වී ඇත්තේ කොත්මලේ බියගම අධිබලැති විදුලි සම්පේ‍්‍රෂණ මාර්ගයෙනි. ඒත් සමගම ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඇතුළු බලාගාර කිහිපයක් පද්ධතියෙන් ස්වයංකී‍්‍රයව ඉවත්වීමත් සමග රට පුරා මෙම විදුලි බිඳ වැටීම සිදුවිය.

මෙම විදුලි බිඳ වැටීම පිටුපස යම්කිසි කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් ඇතැයි මණ්ඩලයේ විවිධ පාර්ශ්ව තමා වෙත දැනුම්දීම නිසා වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිසිය වෙත පැමිණිලි කළ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ලංවිම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?