විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීමට කැබිනට්ටුවෙන් ගත් තීරණ

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ මෙහෙයුම් සිදුවන ප්‍රදේශවල විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් එම ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන විදුලිය බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම හා නවීකරණය කිරීම සඳහා සම්ප්‍රේෂණ සංවර්ධන සහ බෙදාහැරීමේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිණිස “විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය” යටතේ ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සැපයීමට එකඟතාව පළ කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කිරීමට හඳුනාගනු ලැබ තිබෙන බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණේ.

ඒ අනුව;

  • කැලණිය ප්‍රදේශයේ ග්‍රිඩ් උපපොළක් හරහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිබල සැපයුමක් ලබා ගැනීම.
  • කැලණිය/මීගමුව සහ කෝට්ටේ/මීගමුව ප්‍රදේශවල ලංකා විදුලි පුද්ගලික සමාගමේ මධ්‍යම වෝල්ටීයතා ජාලය ශක්තිමත් කිරිම සඳහා කිලෝවෝල්ට් 33ක විදුලිබල සැපයුමක් හඳුන්වාදීම.
  • කැලණිය සහ කෝට්ටේ/නුගේගොඩ හඳුනාගත් ප්‍රදේශ භූගත කේබල් ජාල බවට පරිවර්තනය කිරීම.
  • කෝට්ටේ, නුගේගොඩ, මොරටුව සහ කළුතර ශාඛා ප්‍රදේශවල කිලෝවෝල්ට් 11ක ස්වයංක්‍රීය පෝෂක පද්ධති ප්‍රතිසැකසුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම.
  • අධීක්ෂණ පාලන හා දත්ත උකහාගැනුම් පද්ධතිය සහ ජාල ස්වයංක්‍රීයකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම.

ඒ අනුව, එම ව්‍යාපෘති ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු උපදේශකයින් තෝරාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?