විදුලිබල ඇමති අමාත්‍යාංශයෙන් පිටව යද්දි ඉතිරි තෙල් තොග ගැනත් කියයි (ඡායාරූප)

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය අමාත්‍යාංශයෙන් ඉවත් ගොස් තිබෙනවා.

අමාත්‍යවරයා සිය ඉවත්වීම නිල X ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

තමන් ඊයේ (22) දින රජයෙන් ලබා දුන් සියලුම වාහන සහ අමාත්‍යාංශය විෂය පථයට අයත් සියල්ල ම භාර දී අවසන් බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ඉවත්ව යන විට දී වඩා ශක්තිමත් මූල්‍ය තත්ත්වයන් සහ විදුලිබල උත්පාදනය සහ ඉන්ධන සැපයීම සඳහා ප්‍රමාණවත් ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගල් අඟුරු තොග සහිතව එය භාර දී ඇති බවයි කංචන විජේසේකර මහතා පවසා ඇත්තේ.

රටේ සියලුම ආයතන මේ වනවිට යම් කිසි අයුරකින් ධනාත්මක ශේෂ පත්‍රවල පවතින බවත්, එහි සේවාවන් සඳහා පිරිවැය අයකර ගැනීම, සැපයුම්කරුවන් සඳහා නියමිත වේලාවට ගෙවීම් කිරීම, හිඟ ණය සඳහා සේවා සැපයීම සහ එය උපයන අමතර ආදායමෙන් භාණ්ඩාගාරයට සැපයීම සහ සහාය වීම යනාදී කටයුතු සිදු කර ඇති බව ද හිටපු විදුලිබල අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අවසන් වශයෙන් හිටපු අමාත්‍යවරයා පවසා ඇත්තේ; රට අසීරු මොහොතක තිබියදී තමන් ගැන විශ්වාසය තබා එම තනතුර ලබා දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ස්තුතිය පිරිනමන බවයි.

තම අමාත්‍යාංශයේ සහ ආයතනවල නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, සංවර්ධන ආයතන, විවිධ රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් සහ පසුගිය වසර දෙක තුළ සහාය වූ සැමට හිටපු අමාත්‍යවරයාගේ ස්තුතිය හිමිව තිබෙනවා.

සිය නිල X ගිණුමෙහි කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැන්නක්;

2022 දී පැය 4-13 ක විදුලි කප්පාදුවක්, ඉන්ධන තත්ත්වයක්, ගල් අඟුරු නොමැති වීම්, ඛනිජ තෙල් නිෂ්පාදන, සැපයුම්කරුවන්, මුදල් හිඟවීම් මධ්‍යයේ පැවති රටට අවශ්‍ය විදුලි උත්පාදනය, ගල් අඟුරු සැපයීම්, ඛනිජ තෙල් නිෂ්පාදන ආදිය ප්‍රමාණවත් පරිදි සැපයීමට ඇති පසුබිමක් ශේෂ කරමින් සහ ඉන්ධන සහ බලශක්ති උත්පාදනය අඛණ්ඩව සැපයීම ස්ථාවර කරමින් මම මින් පිටත් වෙමි..” යනුවෙන් එහි සඳහන්.

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සිය අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වූ අතර ඒ අනුව කැබිනට් මණ්ඩලයේ සිටින සියලු කැබිනට් අමාත්‍යවරුන්ගේ ද බලය සාමුහික වගකීමෙන් මිදී නිදහස් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
26
+1
2
+1
3
+1
3
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10