Empty Ad
Empty Ad
AFC Banner

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින නියම වෙයි

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාගය සඳහා මේ මස 22 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම අභියාචනා පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි අද කැඳවනු ලැබුවේ.

එහිදී මෙම නඩු ගොනුවට අදාල සිංහල භාෂා පරිවර්තන පිටපත් නීතිපතිවරයා වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.

ඉන් අනතුරුව අභියාචනා පෙත්සම් විභාගය මේ මස 22 වනදා සිදු කරන බවත් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර තිබෙනවා.

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ 18 හැවිරිදි සිවලෝගනාදන් විද්‍යා නමැති පාසැල් දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2017 වසරේ සැප්තැම්බර් 27 වනදා මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා.

තමන්ට එම දඬුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවයි අදාළ විත්තිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් එම විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
4
+1
5
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නිකම් කෑම නෑ - ජනපති තවත් ප්‍රබල තීන්දුවක් ගනියි
Video thumbnail
සජිත් ප්‍රේමදාස මාලිමාවට අමතයි
05:03
Video thumbnail
ජනපති අනුර කාලෙකට පස්සේ කරපු සැර කතාව
10:05
Video thumbnail
ඇමති නලින්ද ජනපති ළඟ තියාගෙන කරපු සුපිරි කතාව
06:49
Video thumbnail
හෙට අපි කොළඹ කොටුව වටලනවා - ගුරු පත්වීම් ඉල්ලන සංවර්ධන නිලධාරීන් පොලිසියට සහ ආණ්ඩුවට දැනුම් දෙයි
15:38
Video thumbnail
කනදරාව,ගලේ විහාරයේදී ගංවතුරට හසු වූ හිමිවරුන් දෙනමක් බේරාගනී
02:37
Video thumbnail
බහිරවයා ගිලිනවා වගේ රජයේ ඉඩම් කොල්ලකන සාධුගේ පැටිකිරිය මෙන්න - ජනපතිත් නිහඬයි
12:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී වාහනයක් ඉල්ලලා මාධ්‍යට එයි
04:07
Video thumbnail
ජනපති අනුර මහින්දව ඉවර කරයි - කරපු සම්පූර්ණ කතාව මෙන්න
43:01
Video thumbnail
ජනපති අනුර කටුකුරුන්දේ ජනතාව අමතන රැළිය - සජීවී විකාශය
01:20:36

?