විද්‍යා ඝාතනයේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින නියම වෙයි

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාගය සඳහා මේ මස 22 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම අභියාචනා පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි අද කැඳවනු ලැබුවේ.

එහිදී මෙම නඩු ගොනුවට අදාල සිංහල භාෂා පරිවර්තන පිටපත් නීතිපතිවරයා වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.

ඉන් අනතුරුව අභියාචනා පෙත්සම් විභාගය මේ මස 22 වනදා සිදු කරන බවත් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර තිබෙනවා.

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ 18 හැවිරිදි සිවලෝගනාදන් විද්‍යා නමැති පාසැල් දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2017 වසරේ සැප්තැම්බර් 27 වනදා මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා.

තමන්ට එම දඬුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවයි අදාළ විත්තිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් එම විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52