විද්‍යා ඝාතකයින්ගේ අභියාචනයට දින නියම වෙයි

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටින විත්තිකරුවන් හය දෙනා එම දඩුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාගය ජනවාරි මස 20 වනදා පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

මෙම අභියාචනා පෙත්සම් අද (30) ප්‍රීති පද්මන් සූරසේන , යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම නඩුවට සම්බන්ධ එක් විත්තිකරුවකු මියගොස් සිටින බව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දුන්නා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආරුමුගම් රගුපති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන කළ ලේඛන ලැබීමේ ප්‍රමාදය නිසා මෙම විත්තිකරුවන් වසර 08 කට අධික කාලයක් නිකරුනේ බන්ධනාගාර ගතව සිටින බව සඳහන් කළා.

එම අවස්ථාවේදී සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ පරිවර්තන කළ ලේඛන කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවයි.

මෙම විත්තිකරුවන් මිනී මැරීම, ඊට කුමන්ත්‍රණය කිරීම හා නීතිවිරෝධී ජනරාශිය යනාදී චෝදනාවලට වරදකරු වී සිටින බව සඳහන් කළ සොලිසිටර් ජෙනරාල්වරිය විත්තිකරුවන් දෙදෙනෙකු යාපනය මහාධිකරණයේ පැවති නඩු විභාගයේ දි නිදහස් කර තිබූ බවත් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරයට අදාළ පරිවර්තන ලේඛන කඩිනමින් අභියාචක විත්තිකරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස සොලිසිටර් ජෙනරාල් වරියට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම් විභාගය ජනවාරි මස 20 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
17
+1
1
+1
0
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?