විද්‍යා ඝාතකයින්ගේ අභියාචනයට දින නියම වෙයි

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටින විත්තිකරුවන් හය දෙනා එම දඩුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාගය ජනවාරි මස 20 වනදා පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

මෙම අභියාචනා පෙත්සම් අද (30) ප්‍රීති පද්මන් සූරසේන , යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම නඩුවට සම්බන්ධ එක් විත්තිකරුවකු මියගොස් සිටින බව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දුන්නා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආරුමුගම් රගුපති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන කළ ලේඛන ලැබීමේ ප්‍රමාදය නිසා මෙම විත්තිකරුවන් වසර 08 කට අධික කාලයක් නිකරුනේ බන්ධනාගාර ගතව සිටින බව සඳහන් කළා.

එම අවස්ථාවේදී සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ පරිවර්තන කළ ලේඛන කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවයි.

මෙම විත්තිකරුවන් මිනී මැරීම, ඊට කුමන්ත්‍රණය කිරීම හා නීතිවිරෝධී ජනරාශිය යනාදී චෝදනාවලට වරදකරු වී සිටින බව සඳහන් කළ සොලිසිටර් ජෙනරාල්වරිය විත්තිකරුවන් දෙදෙනෙකු යාපනය මහාධිකරණයේ පැවති නඩු විභාගයේ දි නිදහස් කර තිබූ බවත් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරයට අදාළ පරිවර්තන ලේඛන කඩිනමින් අභියාචක විත්තිකරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස සොලිසිටර් ජෙනරාල් වරියට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම් විභාගය ජනවාරි මස 20 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14