විජේ ජනවාරි දෙවන සතියේ ශ්‍රී ලංකාවට

දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන තලපති විජේ (Thalapathy Vijay) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ චිත්‍රපට රූගත කිරීමක් සඳහා ජනවාරි මස දෙවන සතියේදී ජනප්‍රිය රංගන ශිල්පියා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

Venkat Prabhu ගේ අධ්‍යක්ෂණයෙන් රූගත කෙරෙමින් පවතින තලපති 68 (Thalapathy 68) චිත්‍රපටයේ දර්ශන සඳහා ඔහු මෙලෙස පැමිණීමට නියමිත අතර මෙතෙක් එහි රූගත කිරීම් සිදු කර තිබුණේ හයිද්‍රාබාද් නගරය කේන්ද්‍ර කර ගනිමින්.

කෙසේවෙතත් නව වසර උදාව සැමරීම වෙනුවෙන් අදාළ දර්ශණ ලබා ගැනීම් තාවකාලිකව නතර කර දැමීමටයි මේවන විට තීරණය කර ඇත්තේ.

යළිත් ජනවාරි දෙවන සතියේ එහි රූගත කිරීම් ශ්‍රී ලංකාවේ සිට ආරම්භ කිරීමට අධ්‍යක්ෂවරයා සැලසුම් කර තිබෙනවා.

තලපති 68 හි හයිද්‍රාබාද් දර්ශන කාලසටහන අවසන් වී ඇති අතර කණ්ඩායම කෙටි විවේකයක් ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ක්‍රියාදාම චිත්‍රපටයක් වූ ‘ලියෝ’ ට පසුව, තලපති විජේ ඔහුගේ මීළඟ චිත්‍රපටය සඳහා අත්වැල් බැඳගෙන ඇත්තේ අධ්‍යක්ෂක වෙන්කට් ප්‍රභූ සමඟයි.

‘තලපති 68’ චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය සති කිහිපය තුළ හයිද්‍රාබාද් හි චිත්‍රපට නගරයක සිදුවෙමින් පැවතුණා.

වත්මන් කාලසටහන සැලසුම් කළ කාලයට වඩා හොඳින් අවසන් කර ඇති අතර, කණ්ඩායම ඔවුන්ගේ පවුල් සමඟ අලුත් අවුරුද්ද සැමරීමට විවේකයක් ගැනීමට නියමිත බව සඳහන්.

‘තලපති 68’ චිත්‍රපටයේ මීළඟ දර්ශන ශ්‍රී ලංකාවේ සිදුවනු ඇති අතර, එය ජනවාරි දෙවන සතියේ ආරම්භ කිරීමට නියමිතයි.

වෙන්කට් ප්‍රභූ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘තලපති 68’ කාල තරණය කරන සිදුවීම් ඇතුලත් චිත්‍රපටයක් ලෙස වාර්තා වනවා.

නව යොවුන් වියේ චරිතයක් ඇතුළත් ද්විත්ව භූමිකාවක විජේ පෙනී සිටිනු ඇති.

මීනක්ෂි චෞද්‍රි ප්‍රධාන කාන්තා නිළිය ලෙස රංගනයෙන් දායක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
5
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?