විජේ ජනවාරි දෙවන සතියේ ශ්‍රී ලංකාවට

දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන තලපති විජේ (Thalapathy Vijay) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ චිත්‍රපට රූගත කිරීමක් සඳහා ජනවාරි මස දෙවන සතියේදී ජනප්‍රිය රංගන ශිල්පියා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

Venkat Prabhu ගේ අධ්‍යක්ෂණයෙන් රූගත කෙරෙමින් පවතින තලපති 68 (Thalapathy 68) චිත්‍රපටයේ දර්ශන සඳහා ඔහු මෙලෙස පැමිණීමට නියමිත අතර මෙතෙක් එහි රූගත කිරීම් සිදු කර තිබුණේ හයිද්‍රාබාද් නගරය කේන්ද්‍ර කර ගනිමින්.

කෙසේවෙතත් නව වසර උදාව සැමරීම වෙනුවෙන් අදාළ දර්ශණ ලබා ගැනීම් තාවකාලිකව නතර කර දැමීමටයි මේවන විට තීරණය කර ඇත්තේ.

යළිත් ජනවාරි දෙවන සතියේ එහි රූගත කිරීම් ශ්‍රී ලංකාවේ සිට ආරම්භ කිරීමට අධ්‍යක්ෂවරයා සැලසුම් කර තිබෙනවා.

තලපති 68 හි හයිද්‍රාබාද් දර්ශන කාලසටහන අවසන් වී ඇති අතර කණ්ඩායම කෙටි විවේකයක් ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ක්‍රියාදාම චිත්‍රපටයක් වූ ‘ලියෝ’ ට පසුව, තලපති විජේ ඔහුගේ මීළඟ චිත්‍රපටය සඳහා අත්වැල් බැඳගෙන ඇත්තේ අධ්‍යක්ෂක වෙන්කට් ප්‍රභූ සමඟයි.

‘තලපති 68’ චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය සති කිහිපය තුළ හයිද්‍රාබාද් හි චිත්‍රපට නගරයක සිදුවෙමින් පැවතුණා.

වත්මන් කාලසටහන සැලසුම් කළ කාලයට වඩා හොඳින් අවසන් කර ඇති අතර, කණ්ඩායම ඔවුන්ගේ පවුල් සමඟ අලුත් අවුරුද්ද සැමරීමට විවේකයක් ගැනීමට නියමිත බව සඳහන්.

‘තලපති 68’ චිත්‍රපටයේ මීළඟ දර්ශන ශ්‍රී ලංකාවේ සිදුවනු ඇති අතර, එය ජනවාරි දෙවන සතියේ ආරම්භ කිරීමට නියමිතයි.

වෙන්කට් ප්‍රභූ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘තලපති 68’ කාල තරණය කරන සිදුවීම් ඇතුලත් චිත්‍රපටයක් ලෙස වාර්තා වනවා.

නව යොවුන් වියේ චරිතයක් ඇතුළත් ද්විත්ව භූමිකාවක විජේ පෙනී සිටිනු ඇති.

මීනක්ෂි චෞද්‍රි ප්‍රධාන කාන්තා නිළිය ලෙස රංගනයෙන් දායක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46