විජේදාස රාජපක්ෂට ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකත්වය භාරගන්න ඇරයුම් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය භාරගන්නා ලෙස තමන්ට පාර්ශ්ව රැසකින් ඇරයුම් ලැබී ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

මේ අතර සභාපති ධුරයේ කටයුතු කිරීම වාරණයට ලක් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පිරිසක් ඊයේ රාත්‍රියේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දීබෝධි පූජා පිංකමක් පැවැත්වූවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව‍ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් තාවකාලික වාරණයක් පනවනු ලැබුවා.

මෙවන් පසුබිමක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ සාමාජිකයින් පිරිසක් එක්ව බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් මෙලෙස සංවිධාන කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?