හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ බිරිඳ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ හිටපු අමාත්‍යවරයෙකු වන විජිත් විජයමුණි සොයිසාට අයත් අංක තහඩු වෙනස් කර තිබූ වාහනයක් සම්බන්ධව මින් පෙර අත්අඩංගුවට ගත් සිද්ධියේ විමර්ශනයකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා අදාළ තැනැත්තිය ව අද (05) ඒ සඳහා කැඳවා ඇති බවයි.
පැය 04ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව රොෂාන් රණසිංහගේ බිරිඳ පිටව ගොස් තිබෙනවා.
තමන් කිසිදු ලෙසක විජයමුණි මහතාගේ ව්‍යාපාර හෝ අමාත්‍යාංශ සමග සම්බන්ධ නොමැති බවත් තමන්ගේ ම ආයතනයක සේවය කළ බවත්, කුමන හෝ සිදුවීමක් මත තමාව මෙලෙස කැඳවා ඇති බවත් වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකයෙන් පිටත්ව යාමේ දී ඇය මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කර සිටියා.