වික්ටෝරියා නූලන්ඩ් ශ්‍රී ලංකාවේ සංචාරයකට සැරසෙයි

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් අද (28) සිට පෙබරවාරි 03 වනදා දක්වා නේපාලය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව වාර්තා වනවා.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතාවයට 75 වසරක් පිරිම සනිටුහන් කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට, වගවීම ප්‍රවර්ධනය කිරීමට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහාය අඛණ්ඩව ලබාදීම වික්ටෝරියා නූලන්ඩ්ගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයේ අරමුණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?