AFC Banner
AFC Banner
Empty Ad

වෑන් රථයකදී ඇඟලුම් සේවිකාවක් දූෂණය කළ අයෙකුට ලැබුණු දඩුවම

වසර 15ක නඩු විභාගයෙන් පසු ගාලු අධිකරණය දුන් තීන්දුව ඇඟලුම් කම්හල් සේවිකාවක දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත් බද මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක රුපියල් පන් දහසක දඩයක් සහ වසර පහළොවක සිර දඬුවමක් නියම කළේය.

දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසරුවරයා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර පැමිණිලිකාර කාන්තාව මියගොස් ඇති නිසා වන්දි මුදල් නියම නොකරන බවද කීය. මෙසේ දඬුවම් නියම වූයේ කලහේ කොඩිතුවක්කු චමින්ද පුෂ්ප නමැති විත්තිකරුවෙකුටය. බද්දේගම පොලිස් වසමේදි 2006 ඔක්තෝබර් 10 වැනිදින හෝ ඊට ආසන්න දිනයකදි 34 හැවිරිදි ඇගලුම් කම්හල් සේවිකාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාලු මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබුණි.

විත්තිකරු ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන ලද වෑන් රථයක රියදුරු ලෙස රැකියාව කර ඇති බවත් දූෂණයට ලක්වූ කාන්තාව ද විත්තිකරුගේ වෑන් රථයේ රැකියාවට ගොස් ඇති බවත් එසේ යමින් සිටියදී දූෂණය කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?