වෑන් රථයකදී ඇඟලුම් සේවිකාවක් දූෂණය කළ අයෙකුට ලැබුණු දඩුවම

වසර 15ක නඩු විභාගයෙන් පසු ගාලු අධිකරණය දුන් තීන්දුව ඇඟලුම් කම්හල් සේවිකාවක දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත් බද මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක රුපියල් පන් දහසක දඩයක් සහ වසර පහළොවක සිර දඬුවමක් නියම කළේය.

දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසරුවරයා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර පැමිණිලිකාර කාන්තාව මියගොස් ඇති නිසා වන්දි මුදල් නියම නොකරන බවද කීය. මෙසේ දඬුවම් නියම වූයේ කලහේ කොඩිතුවක්කු චමින්ද පුෂ්ප නමැති විත්තිකරුවෙකුටය. බද්දේගම පොලිස් වසමේදි 2006 ඔක්තෝබර් 10 වැනිදින හෝ ඊට ආසන්න දිනයකදි 34 හැවිරිදි ඇගලුම් කම්හල් සේවිකාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාලු මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබුණි.

විත්තිකරු ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන ලද වෑන් රථයක රියදුරු ලෙස රැකියාව කර ඇති බවත් දූෂණයට ලක්වූ කාන්තාව ද විත්තිකරුගේ වෑන් රථයේ රැකියාවට ගොස් ඇති බවත් එසේ යමින් සිටියදී දූෂණය කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08