AFC Banner
AFC Banner
Empty Ad

වැස්ස නිසා ගස්; ගෙවල් මතට පතිත වෙද්දි දිවියෙකුත් ගසාගෙන එයි

ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයේ නිවසක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් නිවසට දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ; පවතින අධික වැසි හේතුවෙන් ඊයේ (27) සවස මෙම නිවස මතට විශාල සියඹලා ගසක් පතිත වී ඇති බවයි.

ගස නිවසට කඩා වැටීමත් සමඟ නිවැසියන් නිවස තුළින් එපිටට පැනගොස් ඇති අතර, ඒ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදු ව නැහැ.

මේ අතර පවතින අධික වැසි තත්ත්වයත් සමඟ හටගත් ජල ගැලීම්වලට හසුව කැලෑවේ සිටි දිවියෙකු මුලතිව් – විශ්වමඩු, ඉලංගෝවපුවරම් ප්‍රදේශයේ නිවසකට පැමිණ තිබෙනවා.

ඊයේ රාත්‍රියේ දී මෙම දිවියා නිවසට පැමිණෙන්නට ඇති බවත්, නිවැසියන් දිවියා දැක ගෙයින් පිට වි නිවසේ දොරගුළු වසා දමා වනජීවී නිලධාරින්ව දැනුවත් කෙරුණා.

සිදුවීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පශු වෛද්‍ය කාර්යාල නිලධාරින් හා වනජීවී නිලධාරින් පැමිණ දිවියා අල්ලාගෙන කැලෑවටම මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?