තරුණියකට අතවර කළ මීගමුවේ දොස්තර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉවත් කළ අයෙක්

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි තරුණියකට ලිංගික අතවර කළ බව කියන වෛද්‍යවරයා, වසර කිහිපයකට පෙර සිය සංගමයෙන් ඉවත් කළ අයෙක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

නිවේදයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව සඳහන් කළා.

එසේ වුවත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර වහාම වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි එම සංගමය පවසන්නේ.

WhatsApp Image 2025 04 04 at 8.18.18 PM
  1. බයක් සකයක් නැතිව යන්න tතිබුණ eඑකම tතැන rරෝහල eඑතනට යන්න වෙන්නෙ බයෙන් සැකයකින් .ඇයි මේවගෙ දෙවල් මීගමුව රෝහලෙම වෙන්නෙ!